Latestදේශීය

පළාත් පාලන මැතිවරණ නඩු විභාගය අවසන්

පසුගිය වසරේ මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කුමන්ත්‍රණකාරී ලෙස කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩු විභාගය අවසන් කරනු ලැබීය.

ජාතික ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, පැෆරල් සංවිධානය සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් එම නඩු පවරා තිබිණි. ඒ සම්බන්ධයෙන් වසරකට වැඩි කාලයක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් විභාග කළ අතර විනිසුරුවරුන් ගණනාවක් ද එම කාලය තුළ ඉවත්ව ගියහ.

ඊයේ (06) දින පෙත්සම් විභාගය අවසන් කළ ද, ඒ සම්බන්ධයෙන් තීන්දුව ලබා දෙන දිනය පිළිබඳව මෙතෙක් වාර්තා වී තැන. ඊයේ එම පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රකාශ කර තිබුණේ “මොන බාධක ආවත් ඡන්ද පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීමයි“ යනුවෙනි. ජාතික ජන බලවේගයේ පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැච් මෙන් ම, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටිරාන් කොරයා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ. අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාග කරනු ලැබීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?