Latestදේශීය

විදුලි සහ දෙමුහුන් වාහන ආනයනයට ප්‍රමුඛතාවය

ඉදිරියේදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ලිහිල් කිරීමේදී පළමුව විදුලි හා දෙමුහුන් වාහන සඳහා ප්‍රමුඛතාවය හිමිවුණු ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරල් වරයා සඳහන් කරයි.

ඒ පිළිබඳව දැනටමත් සාකච්ඡා සිදුවෙමින් ඇති බවත් නිල වශයෙන් රජය මේ පිළිබඳව නිවේදනය කරනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.

මෝටර් රථ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පැවති පැළ සිටුවීමේ අවස්ථාවකට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

රාජ්‍ය ආයතන පරිශ්‍රවල රුක් රෝපණ වැඩසටහන් ආරම්භ කර ඇති අතර මේ හරහා නාගරික ප්‍රදේශවල වායු විමෝචනය අවම වීමට උපකාරී වනු ඇති බවත් හෙතෙම තවදුරටත් එහිදී පැවසුවේය.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *