සමාජ මාධ්‍ය නිසා දේවාල ආදායම 50%කින් අඩුවෙලා
(අසේල කුරුළුවංශ)
සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් කිසිදු පදනමක් නැතිව දේවාල හා ඒවාහි බස්නායක නිලමේවරුන් විවේචනය කිරීම නිසා මේ වන විට දිවයිනේ දේවාල රැසකට ලැබෙන ආධාර ප්‍රමාණය 50%කින් පමණ අඩු වී ඇතැයි සමස්ත ලංකා බස්නායක නිලමෙවරුන්ගේ සංගමයේ සභාපති, මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිලමේ හේමන්ත බණ්ඩාර මහතා පවසයි.
වගකිවයුතු නොවන පුද්ගලයන් විසින් සිදු කරන පදනම් විරහිත චෝදනාවලට ඉඩක් ලබා දී ඇතැම් පිරිස් තම යූටියුබ් නාළිකා හා වෙබ්අඩවි ප්‍රසිද්ධ කර ගැනීමට උත්සාහ කරන බවත් මේ තුළින් මෙරට සංස්කෘතික හර පද්ධතියට බරපතළ හානියක් සිදුවන බවත් ඒ මහතා කීය.
මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හේමන්ත බණ්ඩාර මහතා කවුරුන් හෝ චෝදනාවක් කළ යුත්තේ එය ඔප්පු කිරීමට අවශ්‍ය සාධක සහිතව යැයි ද පැවසුවේය.
දියවඩන නිලමේ හා විහාර දේවාලගම් ආඥා පනත යටතේ ගැසට් කර තිබෙන දේවාල තිස් එකට පත්ව සිටින බස්නායක නිලමේවරු 31 දෙනා හැරුණු විට මේ රටේ වෙනත් බස්නායක නිලමේවරු නොමැති බවත් ඇතැම් පුද්ගලයන් බස්නායක නිලමේවරු ලෙස පෙනී සිටිමින් විවිධ වංචා දූෂණ සිදු කිරීම නිසා ඡන්දයෙන් පත්ව දේවාලවල තනතුරු හොබවන නියම බස්නායක නිලමේවරු දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද හෙතෙම අවධාරණය කළේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

