Latestවිදේශීය

සුළුතර බලය නිසා ‌මෝදි අර්බුදයක

ඉන්දීය නව ආණ්ඩුව පිහිටුවීමේදී ඇමති ධුර පත් කිරීම බලවත් අර්බුදයක් වී ඇති බව මේ වනවිට ජාත්‍යන්තර මාධ්‍යවලින් වාර්තා කර තිබේ.

මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ නරේන්ද්‍ර මෝදි මුල් වරට අගමැති ලෙස පත් වූ 2014 වර්ෂයේදී භාරතීය ජනතා පක්ෂය ලබා ගත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව හෝ මෙවර ලබා ගැනීමට අසමත්වී සුළුතර පක්ෂ මත යැපීමට සිදුවීමයි. නරේන්ද්‍ර මෝදි 2014දී තම පක්ෂයට මන්ත්‍රී ධුර 282ක් ද 2019දී 303ක් ද ලබා ගැනීමට සමත් වූ අතර මෙවර එය 240 දක්වා පහත වැටී තිබේ.

මේ නිසා සුලුතර ආණ්ඩු බලයක් ලබා ගැනීමට තවත් මන්ත්‍රී ධුර අවම වශයෙන් 32 ඉක්මවා ලබා ගත යුතුව තිබේ. භාරතීය ජනතා පක්ෂය මූලිකත්වයෙන් පිහිටුවන ලද ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට අයත් චන්ද්‍රබාබු නායිදුගේ නායකත්වයෙන් යුත් තෙළඟු දේශම් පක්ෂය මන්ත්‍රී ධුර 16ක් ලබා ගෙන ඇති අතර ඔවුන් අවම වශයෙන් කැබිනට් ඇමති ධුර 7ක් සහ කතානායක ධුරය ඉල්ලා තිබේ.

එමෙන් ම, මෝදිගේ සන්ධානයට අයත් නිෂිත් කුමාර්ගේ නායකත්වයෙන් යුත් ජනතා දාල් පක්ෂය මන්ත්‍රී ධුර 12ක් ලබා ගෙන අවම වශයෙන් කැබිනට් ඇමති පදවි 3ක් ඉල්ලා තිබේ. පසුගිය ආණ්ඩුවේ සමස්ත කැබිනට් ඇමති ධුර සංඛ්‍යාව 29ක් වී තිබිණි. ආණ්ඩුව පිහිටුවීම සඳහා එකතු කර ගත යුතු සෙසු පක්ෂ ඉදිරිපත් කර තිබෙන කොන්දේසි මොනවා දැයි මේ වනවිට හෙළි වී නැත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?