Latestදේශීය

ලංකාවට එන StarLink

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවා නුදුරේදී මෙරට සේවාවන් ආරම්භ කරනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිසම සඳහන් කරයි.

මේ වන විට ඒ සඳහා මූලික අනුමැතිය දී ඇති බවත් මහජන අඬ අදහස් විමසීමකින් අනතුරුව ඊළඟ පියවර ක්‍රියාත්මක කරන බවත් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් මධුසංක දිසානායක මහතා පැවසීය.

මෙම සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් 400ත් 600ත් අතර මුදලක් වැය වනු ඇති බවද මාසික ගාස්තුව ලෙස ඩොලර් සියයක පමණ මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත් හෙතෙම තව දුරටත් සදහන් කරයි.

“starlink ආයතනය මෙරට තුළ දුරකථන ජාලා සමාගමක් ලෙස ස්ථාපිත කෙරෙන්නේ නැහැ.මේ ආයතනයට විදුලි සං‍දේශ නියාමන කොමිසම විසින් අනුමැතිය ලබාදුන්නේ පනතේ 17 වන හා 22 වගන්තිය අනුවයි. නමුත් ඊට සංඛ්‍යාත බලපත්‍රයක් ලෙස ලබාදී තිබෙනවා. එබැවින් පවතින විදුලි සංදේශ නියාමන පනත සංශෝනය කර සේවා බලපත්‍රයක් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරනවා. මෙම සබඳතාව ලබාගැනීම සඳහා අමෙරිකානු ඩොලර් 400 – 600ත් අතර මුදලක් වැය වෙනවා. මාසික ගෙවීම ඩොලර් 99ක් වෙනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ‍ලබාදෙන අන්තර්ජාල පහසුකම හරහා ලෝකයේ කුමන ප්‍රදේශයේ සිටියද අන්තර්ජාලයට පිවිසිමේ හැකියාව තිබෙනවා. ‍ශ්‍රී ලංකාවේ දැනට පවතින ‍ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිපගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වෙනවා. ඒ නිසා ඉදිරියේදී තාක්ෂණ ක්ෂේත්‍රයට වඩා යහපත් පරිසරයක් නිර්මාණය වන බව විශ්වාස කළ හැකියි”

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *