Latestදේශීය

වජිර විවෘත කළ රනිල්ගේ කාර්යාලය සහ අභ්‍යන්තර අර්බුද

රනිල් වික්‍රමසිංහගේ දේශපාලන කාර්යාලයක් පසුගිය 06 වෙනි දින කඩිමුඩියේ විවෘත කිරීමට වජිර අබේවර්ධන ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රවී කරුණානයක ඇතුළු පිරිසක් දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව අනාවරණය වේ.

එම කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවීම ද රවී කරුණානායක විසින් වර්ජනය කර ඇත. ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන වජිර අබේවර්ධන මීලඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමේ යටි අරමුණ සහිතව මෙවැනි කාර්යාලයක් විවෘත කළ බව රවී කරුණානායක මෙන් ම, එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නිලධාරීන් ගණනාවකගේ මතව වී තිබේ.

සාගල රත්නායක මීලඟ මැතිවරණයේදී ගාල්ල දිස්ත්‍රික්කයට තරඟ කිරීමට ඉඩ හැර මන්ත්‍රි ධුර වැඩි සංඛ්‍යාවක් පවතින කොළඹ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා ලබාදී කෙසේ හෝ මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට සැලසුම් කර ඇතැයි පවතින සැකය මත විරෝධතා ගැටුම් අලුතින් නිර්මාණය වී තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *