Latestදේශීය

පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම්  ලබාදෙමින් දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරය මගින් අඩු මුදලට සහල් සහ සිල්ලර භාණ්ඩ  ලබාදිය හැකි බව පවසා  සංවිධානාත්මක කල්ලියක් මෙහෙයවමින් රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොටුව පොලිසියේ සැරයන්වරයාගේ රාජකාරී වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය කියයි.

වැඩ තහනමට ලක්වූ      පොලිස් සැරයන්වරයා කොටුව පොලිසියට අනුයුක්ත මුදල් අමාත්‍යාංශ මුරපොළේ රාජකාරි  නිරත වූවෙක් බවත් පොලිසිය කියයි.

 සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 18 වෙනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි

 සැකකරු    රාජගිරියේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට දුරකථන ඇමතුමක් ලබාදී  තමන් දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක හේරත් නිලධාරියා බව පවසමින් ව්‍යාජ  හිතවත්කමක් ඇතිකරගෙන  දෙමටගොඩ පොලිසියේ භෝජනාගාරයට ලැබෙන බිත්තර තොගයක් ඉතා අඩු මුදලට ලබා දිය හැකි බව පවසා එම ව්‍යාපාරිකයාව  කැමති කරවාගෙන  බිත්තර  තොගය ලබාදීමට දෙමටගොඩට ගෙන්වාගෙන ඔහුගේ කල්ලියේ සෙසු සැකකරුවන් දෙදෙනාව ව්‍යාපාරිකයා අසලට  යවා  බිත්තර  රැගෙන එනතුරු ලොරිය දෙමටගොඩ ප්‍රදේශයේම ස්ථානයක් පවසා  නතර කර තබාගන්නා දන්නවමින් ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් 90000  මුදලත් රැගෙන පලා ගොස් තිබිණි .

@ලංකාදීප

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *