ගුවන් යානයක් කඩා වැටී ගගනගාමි ඇන්ඩර්සන් මියයයි
කුඩා ගුවන්යානයක් වොෂින්ටන් හිදී කඩාවැටී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් මියගොස් ඇත.
අමෙරිකානු ගගනගාමී විලියම් ඇන්ඩර්ස් වාර්තා අතරට එක්වන්නේ 1968 වසරේ ඇපලෝ 08 මෙහෙයුම යටතේ සඳේ කක්ෂයට ඇතුළු වූ ගගනගාමීන් තිදෙනාගෙන් අයෙක් ලෙසය.
මියයන විට විලියම් ඇන්ඩර්ස්ගේ වයස අවුරුදු 90ක් වන අතර අභ්‍යවකාශයේ සිට ගත් පෘථිවියේ වඩාත්ම ආශ්වාදජනක ඡායාරූපයක් වන ‘පෘථිවිය පායන අයුරු’Earthrise ඡායාරූපය කැමරාවට හසුකරගෙන ඇත්තේද විලියම් ඇන්ඩර්ස් ය.
එම ඡායාරූපය සැලකෙන්නේ ඇපලෝ 08 අභ්‍යවකාශ මෙහෙයුමට ඔහුගෙන් හිමිවූ විශාලතම දායකත්වය ලෙසය.
1968 වසරේදී ටයිම්ස් සඟරාව ඔහු වසරේ මිනිසා ලෙසද නම් කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

