Latestදේශීය

ජනාධිපතිට තවත් කෝටි 875ක් – යෝජනාව දිනේෂ්ගෙන්

මෙම වසර වෙනුවෙන් ජනාධිපතිවරයාට වෙන් කර තිබෙන වැය ශීර්ෂයට අමතරව තවත් රුපියල් කෝටි 875ක මුදලක් මහජන මුදලින් වෙන් කර දිය යුතු බව අගමැති දිනේෂ් ගුණවර්ධන යෝජනා කර තිබේ.

පරිපූරක ඇස්තමේන්තුවක් මගින් එම අමතර රුපියල් කෝටි 875 ලබා දීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇති අතර ලබන 18 වෙනිදා එම පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. ලබන දෙසැම්බර් 31න් අවසන් වන වර්ෂය සඳහා මෙම අමතර මුදල ලබාදීමට යෝජනා කෙරේ.

එම යෝජනාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ රජය ලබා ගන්නා ඕනෑම ණය මුදලකින් හෝ රජයට අයත් ඕනෑම අරමුදලකින් හෝ රජයේ ඒකාබද්ධ අරමුදලෙන් මෙම මුදල ලබාදිය යුතු බවයි. භාණ්ඩාගාර බිල්පත් මගින් එකවර ඉතිහාසයේ මෙතෙක් ලබා ගත් ඉහළම ණය මුදල වන රුපියල් කෝටී 23,500 ලබා ගැනීම සඳහා පසුගිය සතියේ ලන්සු කැඳවා තිබිණි.

එසේම, 2023 මාර්තු 09 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමුවේ ඒ සඳහා මැතිවරණ කොමිසම ඉල්ලා සිටි රුපියල් කෝටි 1,000ක් නොමැති බව පවසමිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *