Latestදේශීය

රනිල්ගේ විජයග්‍රහණය වෙනුවෙන් උපරිම කැපවෙනවා – එජාප ජාතික ලේකම්

තමන් එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්‍රමසිංහ විජයග්‍රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇප කැප වී ක්‍රියා කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කළේ කොළඹ දී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් රට ඉදිරි දැක්මක් සහිතව ඉදිරියට ගමන් කරන බවත් රටේ සහ ජනතාවගේ අනාගතය ඉතාම පැහැදිලි වී ඇති බවත් එක්සත් ජාතික පක්ෂය යනු හැමදාම රට සහ ජනතාව ගැන සිතා කටයුතු කළ දේශපාලන පක්ෂයක් බවත් හිටපු මුදල් ඇමති රවී කරුණානායක එහිදී සඳහන් කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් ලෙස පත් කළේ පක්ෂයට නැවත පුනර්ජීවය ලබා දී රටත් ජනතාවත් වෙනුවෙන් පක්ෂය නගා සිටි වීමට යැයිද ඔහු පවසයි. මේ රටේ ආර්ථිකය නැවත කඩා නොවැටෙන ආකාරයට සකස් කළ යුතු බවත් එම හැකියාව සහ දක්ෂතාවය තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට පමණකැයිද එයට හොඳම උදාහරණය විදුලි බල පනත සම්මත වීමත් සමගම මෙරට විදුලිය ගාස්තු විශාල ලෙස අඩු වූ බවත් ඔහු සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *