Latestදේශීය

සාගල මේ කැතවැඩේ නැවැත්විය යුතුයි – අනුර කුමාර දිසානායක

ජාතික ජන බලවේගයේ හා එක් නොවන ලෙස හිටපු පොලිස් නිලධාරින් වන රවී විද්‍යාලංකාර හා ශානි අබේසේකර යන මහත්වරුන්ට විවිධ බලපෑම් එලවී ඇති බව එම පක්ෂයේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

සාගල රත්නායක මහතාට හා සජිත් ප්‍රේමදාස මහතාට මෙම කැත වැඩ නතර කරන ලෙස ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

සාගල රත්නායක හෝ සජිත් ප්‍රේමදාසගේ කැමැත්ත හෝ අකමැත්ත එම හිටපු නිලධාරින්ට අවශ්‍ය නොවන බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරන ලද විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සමුළුව මහරගම තරුණ සේවා සභාවේදී අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *