Latestදේශීය

ඩෙංගු අවධානම ඉහළට

පසුගිය දිනවල ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව සහ තවමත් පවතින වැසි සහිත තත්වය නිසා ඩෙංගු අධි අවදානම් තත්වයක් උද්ගත වී ඇති බවට අනතුරු ඇඟවේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය විශේෂයෙන් ම දිස්ත්‍රික් 05ක් සඳහා එම අධි අවදානම් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක මීට අයත් වන අතර රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක ද දැඩි අවදානමක පවතින බව හෙළි වේ.

මේ අතර, මෙම වසරේ ගත වූ මුල් මාස 5 තුළ ඩෙංගු උණ වැළඳීමෙන් මරණ 09ක් සිදු වී 25,417 දෙනෙකු රෝගීන් වී ඇති බවද ඩෙංගු මර්දන ඒකකය හෙළි කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *