Latestදේශීය

වාරණය තවත් දීඝ කෙරේ

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ  මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය  ලබන 25 දීර්ඝ කිරීමට   කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද(11) නියෝග කළේය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පක්ෂයේ සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එරෙහිව පසුගිය 28 පැවරු නඩුව කැදවීමෙන් පසුව මෙම වාරණ නියෝග දීර්ඝ  කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්ද වාරණද දීර්ඝ  කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *