මලාවි උප ජනාධිපති ගමන්කළ ගුවන් යානය අතුරුදන්
මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි.
යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. උප ජනාධිපති සවුලෝස් චිලිමා ලිලොංග්වේ අගනුවරින් ගුවන් යානයට ගොඩ වී ඇත්තේ කිලෝ මීටර් 370ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යාම සඳහාය. එය මිනිත්තු 45ක ගුවන් ගමනකි.
උප ජනාධිපති සවුලෝස් චිලිමා 51 හැවිරිදි වියේ පසු වූවෙකි. මලාවිහි අසල්වැසි රටවල් වන ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ඊශ්‍රායලය සමඟ එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව මලාවි ජනාධිපති පවසයි.
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයෙකු ලෙස සැලකෙන චිලිමා 2022 වසරේදී දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගනු ලැබූවෙකු වන අතර මලාවියානු අධිකරණයකින් පසුගිය මාසයේදී ඔහුට එරෙහි දූෂණ චෝදනා ප්‍රතික්ෂේප කර තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

