Latestවිදේශීය

අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරකට ලක්වෙයි

අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .

මෙම අනතුරින් 140 ක් අතුරුදන්ව ඇත.කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු එම මියගිය පිරිස අතර සිටින බවයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය පවසා සදහන් කරන්නේ.මෙම සංක්‍රමණිකයන් වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආ වැසියන් බව තහවුරු වන බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට ගොස් ඉන්පසු සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමට මෙම පිරිස උත්සහ ගෙන ඇති බව සදහන්.

බෝට්ටුව මුහුදේ ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගැනීමට සමත් වී මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් ඔවුන්ගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බවත් දෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *