Latestදේශීය

නලීන් බන්ඩාරගේ ජීප් රථ අනතුරෙන් තරුණයෙක් මියයයි

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටුනු තරුණයකු මරණයට පත්වී තිබේ.

දින අටක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ පස්වරුවේ මියගොස් ඇත.

කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම මියගිය තරුණයා වයස අවුරුදු 22 ක් වන අයෙකි.

පසුගිය තුන්වෙනිදා කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේදී කෝංගස්දෙනිය හන්දියේදී තරුණයා ගමන් ගත් යතුරු පැදිය මන්ත්‍රීවරයා ගමන් ගත් ජීප් රථයේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.

ජීප් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මත මුදා හැර ඇත.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *