ගාසා යුද ප්‍රහාර නිසා මාලදිවයින ඊශ්‍රායල්වරුන්ට තහනම් වෙයි
ගාසා තීරයේ සිදු කරනු ලබන යුද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ගුවන් ගමන් බලපත්‍ර හිමි සියලු පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට මාලදිවයින රජය පියවර ගැනීම හේතුවෙන් ඉන්දියාවේ මුහුදුබඩ නගර සංචාරක ගමනාන්ත කර ගන්නා මෙන් ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා සිය ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා මේ ඉල්ලීම කර ඇත්තේ මාලදිවයිනේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එරට ඊශ්‍රායල තානාපතිවරයා සිය ජනතාවට දැනුම් දීමෙන් පසුව බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.
ඉන්දියාවේ ලක්ෂද්වීප්, කේරල, ගෝවා සහ අන්දමාන් හා නිකොබාර් දූපත් සිය සංචාරකයන්ට සිත්ගන්නා සුලු ගමනාන්ත වනු ඇතැයි ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මාලදිවයින තවදුරටත් ඊශ්‍රායල ජාතිකයන් නොපිළිගන්නා බැවින් ඔවුන් ඉතා උණුසුම් ලෙස පිළිගෙන උපරිම ආගන්තුක සත්කාරයෙන් සලකන සුන්දර හා වෙරළ තීරයන් කිහිපයක් ඉන්දියාවේ ඇතැයි එක්ස් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් ඉන්දියාවේ ඊශ්‍රායල තානාපතිවරයා ප්‍රකාශ කර ඇත.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

