Latestදේශීය

බඹර ප්‍රහාරයකින් සිසුන් ඇතුළු 35ක් රෝහල් ගත කෙරේ

කැකිරාව අධ්‍යාපන කළාපයට අයත් ඉහළ කාගම විද්‍යාලයේ සිසුන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක් වීමෙන් ඊයේ (12)පස්වරුවේ කැකිරාව රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ, කැකිරාව අධ්‍යාපන කළාපයට අයත් ඉහළ කාගම විද්‍යාලයේ සිසුන් හා ගුරුවරුන් පිරිසකි.

බඹර ප්‍රහාරයෙන් සිසුන් හා ගුරුවරුන් 35 දෙනෙකු කැකිරාව දිසා රෝහලට ඇතුළත් කර ඇත. මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇත්තේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 06-10 අතර පිරිසකි.

ඉන් එක් සිසුවකුගේ තත්වය තරමක බරපතල බැවින් එම සිසුවා වැඩිදුර ප්‍රථිකාර සඳහා දඹුල්ල මූලික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

එක් ගුරුවරියක් හා තවත් සිසුන් පිරිසක් තව දුරටත් කැකිරාව දිසා රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *