Latestදේශීය

රනිල්ට තීරණාත්මක පොහොට්ටුවේ තීරණය ජූලි මැද

ඉදිරි ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරනවාද යන්න තීරණය කිරීම ජූලි මාසය මැද පමණ වන තුරු කල් දමා ඇති බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ ද, එසේ ඉදිරිපත් වන්නේ නම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමඟ කුමන ආකාරයේ කොන්දේසි සමඟ එක් වන්නේ දැයි තීරණය කිරීම මත තම පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් පක්ෂයේ නිල මතය මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න පමණක් ප්‍රකාශ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පක්ෂයේ අභ්‍යන්තර සංවිධායකයින්ට දන්වා තිබේ.

එලෙස පක්ෂයේ නිල මතය ප්‍රකාශ කරන තුරු ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පුද්ගලික මත ප්‍රකාශ නොකර සිටින ලෙස දැඩි අවවාදයක් ද කර තිබේ. එහෙත්, ප්‍රසන්න රණතුංග ඇතුළු පිරිස මේ වනවිටත් කොන්දේසි විරහිතව රනිල් වික්‍රමසිංහ සහයෝගය දිය යුතු බවට ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කර ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *