ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගය අතහැර දමයි
D කාණ්ඩය යටතේ නේපාලය සමඟ අද පැවත්වීමට නියමිතව තිබු තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට තිබු අවසන් අවස්ථාවත් අද (12) ගිලිහී ගියේය.
ඒ සමඟින් දකුණු අප්‍රිකාව සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත් පළමු කණ්ඩායම බවට පත්වුණි.
මෙවර ලෝක කුසලානයේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය නෙදර්ලන්තයට එරෙහිව එළඹෙන 17 වැනිදා පැවැත්වීමට නියමිතයි.ඒ සෙන්ට් ලුෂියා හිදීයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

