Latestදේශීය

13, වටමේස සමුළුව සහ කරූ ජයසූරිය

හිටපු කතානායකවරයෙකු වන කරූ ජයසූරිය සාධාරණත්වය සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස නව විවාදාත්මක දේශපාලන කරුණු මතු කරමින් නැවත වරක් මාධ්‍ය අවදානය යොමු කර ගෙන තිබේ.

ඔහු අවධාරණය කර තිබෙන්නේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා වට මේස සමුළුවක් වහාම පැවැත්විය යුතු බවයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම ප්‍රකාශය කළ බව අද (12) පළ වූ වීරකේසරී පුවත්පත වාර්තා කර තිබේ.

එහි වැඩි දුරටක් දැක්වෙන්නේ දේශපාලන නායකයින් මෙන් ම, දෙමළ ඩයස්පෝරාව ද 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එකඟ වී තිබෙන බව ය. එම සාධනීය ස්ථාවරය පිළිබඳව නොපමාව සාකච්ඡා කළ යුතු බවත් ඒ අනුව අවසන් එකඟතාවලට පැමිණීම වටමේස සාකච්ඡාවකින් සිදුකළ යුතු බවත් අවධාරණය කර ඇත.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?