Latestදේශීය

ජනතා ආශිර්වාදයෙන් නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවා – අනුර කුමාර දිසානායක

තම පාලනයක් යටතේ සියළු පාර්ශව සමඟ සාකච්ඡා කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර මහජන අනුමැතියකින් ක්‍රියාත්මක කිරීම තුළින් දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසා තිබේ.

ඊයේ (12) පළ වූ තමිළන් පුවත්පත මේ බව සඳහන් කර තිබෙන අතර තමිළ අරසු පක්ෂයේ මන්ත්‍රීවරුන් යාපනයේදී හමුවී කළ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කරන ලදැයි වැඩි දුරටත් වාර්තා කර තිබේ. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ඇතුළු නියෝජිතයින් සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ නියෝජිතයින් සමඟ (11) පවත්වන ලද සාකච්ඡා ඵලදායී වූ බව එම පුවත්පත වාර්තා කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *