Latestදේශීය

සුදුසු කෙනෙක් නැත්නම් මම එනවා – නාමල් රාජපක්ෂ

පසුගිය 09 වෙනි දින පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වන ලද තරුණ රැලියේදී උද්ගත වූ මත ගැටුමක් මුල් කර ගෙන ඉදිරි කටයුතු ගණනාවක් අවලංගු කර ඇති බව වාර්තා වේ.

මෙම මත ගැටුමට හේතු වී තිබෙන්නේ ජනාධිපතිවරණය වෙනුවෙන් පොහොට්ටු පක්ෂය අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද, ඉදිරිපත් කරන්නේ නම් ඒ කවුද සහ ඉදිරිපත් නොකරන්නේ නම් අනුගමනය කරන ක්‍රියාමාර්ගය කුමක්ද යන මූලික ගැටළු විසඳා ගැනීමෙන් තොරව ගෙන යන ක්‍රියාමාර්ග නිෂ්ඵල බවට ප්‍රබල හඬක් මතුවී තිබීමයි. බැසිල් රාජපක්ෂ මෙන් ම, ව්‍යාපාරික ධම්මික පෙරේරාද මෙම මතයේ දැඩිව සිටින බව අනාවරණය වේ.

නමුත් නාමල් රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස “සුදුසු කෙනෙක් නැතිනම් මම එනවා” යන ස්ථාවරයේ දැඩිව සිටිමින් ආරම්භ කර තිබෙන ප්‍රචාර කටයුතු ඉදිරියට ගෙන යා යුතු බව අවධාරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු ජාතික සංවිධායක ලෙස මේ වනවිට සැලසුම් කර තිබෙන ක්‍රියාමාර්ග දියත් කළ නොහැකි නම් නාමමාත්‍රික ධුරයකින් ඵලක් නැති බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *