Latestදේශීය

අද පාලකයන් මිහින්තලේට කරන අරියාදු එළාර රජ සමයේවත් තිබුනේ නැහැ

එළාර රජුගේ කාලයේදීවත් මිහින්තලා පොසොන් පින්කමට මෙතරම් අරියාදු සිදු කර නැතැයි මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංඟුනවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති.

මිහින්තලා පුදබිමේදී මාධ්‍ය වෙත උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.

‘පොසොන් කමිටුව පවසන පර්දි ලක්ෂ විස්සක පමණ ජනතාවක් අනුරාධපුරයට මිහින්තලයට පැමිණෙතැයි අපේක්ෂා කරනවා. මේ වන තෙක් ආරක්ෂක හමුදාව මිහින්තලේ ආරක්ෂාවට කැඳවලා නැහැ. ආණ්ඩුවට මාව ත්‍රස්තවාදියෙක් විදියට පේන නිසා ජීවිත හානියක් වුණොත් සිදු කරන්න පුළුවන්. මාව මරන්න පසුගිය කාලයේ සැලසුම් තිබුණා දැනටත් තිබෙනවා.

රටේ ජනතාවට සීරීමක්වත් වෙන්න බෑ. මේ තමයි රටේ ජනතාවගේ පළමු උත්සවය. මිහිඳු හාමුදුරුවන්ගේ දහම් ඉගෙන ගත්ත කිසිම කෙනෙක් පාර්ලිමේන්තුවේ නැහැ. එහෙම හිටිය නම් පොසොන් පින්කමට මේ තරම් අර්යාදු කරන්නේ නැහැ. මෙය ජනතාවගේ පින්කමක්. පාලකයෝ මේවා කළ යුතුයි.

රජ කාලෙත් මේ පින්කම් කරල තියෙනවා. අඩුම එළාර රජතුමාගේ කාලෙවත් මෙහෙම වෙලා නෑ. අනගාරික ධර්මපාලතුමා කිව්වා වගේ පර සුද්දෝ තමයි දැන් රට පාලනය කරන්නේ. ඒ අයට ආගමක් දහමක් නෑ. හැමෝම පාර්ලිමේන්තුවේ ගහ ගන්නවා. හැම තැනදිම කතා කරන්නේ බලය ගන්න විදිහයි’

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *