Latestවිදේශීය

ජෝ බයිඩන්ගේ පුත්‍රයා වැරදිකරුවෙක් වෙයි

ගිනි අවියක් මිල දී ගැනීමේදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටීම හෙළිදරව් නොකිරීම හේතුවෙන් එරට ෆෙඩරල් නීතිය යටතේ පවරනු ලැබූ නඩුවෙන් අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් වරදකරු බවට තහවුරු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඩෙල්වර් ප්‍රාන්තයේ අධිකරණයේ පැවැති එම නඩු විභාගයේදී ගොනුකර තිබූ චෝදනා තුනටම බයිඩ්න්ගේ පුත්‍රයා වරදකරු බවට 12 දෙනකුගෙන් සමන්විත ජූරි සභාව ඒකමතිකව තීන්දු කර ඇතැයි වාර්තා වේ. අමෙරිකානු ඉතිහාසයේ ධුරයේ සිටින ජනාධීපතිවරයකුගේ දරුවකු අපරාධ චෝදනා යටතේ විත්තිකරුවකු බවට පත්වූ පළමු අවස්ථාව වන බව ද වාර්තා වේ.

54 හැවිරිදි හන්ටර් බයිඩ්න් වසර 2018 වසරේ අත් තුවක්කුවක් මිල දී ගැනීමේදී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු බව සැඟවීමට කටයුතු කර ඇතැයි අධිකරණයේදී තහවුරු වී තිබේ. ඔහුගේ දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිත අතර, එය වසර දෙකක සිරදඬුවමක් වනු ඇතැයි ද වාර්තා වේ. සිය පුත්‍රයාට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට ගරු කරන බව ජනාධීපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *