Latest

ස්ටැටින්ස් නිපදවා හදවත් රෝගීන් මිලියන ගණනක් සුවපත් කළ අකිරා එන්දෝ මියයයි

හෘද රෝගීන් මිලියන ගණනකගේ දිවි බේර ගන්නා ස්ටැටින්ස් ඖෂධය නිපදවීමට පුරෝගාමීවූ ජපාන ජීව විද්‍යාඥ මහාචාර්ය අකිරා එන්දෝ මිය යයි.

ඔහු මිය යන විට 90 වැනි වියේ පසු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු පෙනිසිලින් සොයා ගැනීමේදීද පුරෝගාමී කාර්ය භාර්යක් සිදුකර ඇත.

ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලින් සොයා ගැනීමට දිරිමත් වී තිබෙන්නේ එන්දෝ කළ කැපවීම දුටු පසුවය. 1973 දී මහාචාර්ය එන්දෝ විසින් මුලින්ම අහිතකර කොලෙස්ටරෝල් අවම කරන ඔසුව සොයා ගන්නා ලදී. මෙය ආඝාත රෝගීන් සඳහාද යොදා ගනි.

බ්‍රිතාන්‍ය හෘද පදනමේ ප්‍රධාන විද්‍යාත්මක සහ වෛද්‍ය නිලධාරි මහාචාර්ය බ්‍රයන් විලියම්ස් එන්දෝව විස්තර කළේ “විශිෂ්ට විද්‍යාඥයෙක්” ලෙසයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *