දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්
අද (13) අලුයම දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව තිබිණි.
මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී අනතුරක සිදුව ඇත.
අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
අනතුර හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැක.
දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

