Latestවිදේශීය

ඉන්දුනීසියාවේ වෙරළේ දැවැන්ත බූවල්ලා

ඉන්දුනීසියාවේ වෙරළ තීරයකට ගසාගෙන ආ දැවැන්ත බූවල්ලකුගේ සිරුරක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය විය.

ඒ අනුව 2024 වසරේ ජුනි මාස මුලදී ඉන්දුනීසියානු වෙරළ තීරයකට මෙම යෝධ බූවල්ලා ගසාගෙන විත් ඇතැයි කියන ඡායරූපයක් වෛරල් වී තිබුණි. එය බාලි හි ගත් ඡායාරූපයක් බවට බොහෝ X ගිණුම් හි සටහන්ව තිබුණි.

දිගු අඩු පහක් සහ බූවල්ලාගේ සිරුර එම ඡායාරූපයේ පෙන්නුම් කළ අතර කිහිප දෙනෙකු ඒ අසල සිටගෙන සිටින අතර තවත් නරඹන්නන් දුරින් සිටින අයුරු දක්නට ලැබේ.

කෙසේ නමුත් මෙම ඡායාරූපය ව්‍යාජ එකක් බව යාහූ ප්‍රවෘත්ති සේවය වාර්තා කරන අතර කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද්දක් බවද සදහන් වේ.

Google හි ප්‍රතිලෝම-පින්තූර සෙවුම් මෙවලම භාවිතයෙන්, මෙම රූපය සඳහා සත්‍ය මූලාශ්‍රයක් හමු නොවුණු බව ද කියැවේ. එසේම මේ සිද්ධිය පිළිබඳව වාර්තා කරන කිසිදු ප්‍රවෘත්ති ආයතනයක් හෝ මෙම පින්තූරය ගත් බව කියන කිසිදු ඡායාරූප ශිල්පියෙකු හමු නොවූ බව ද යාහූ ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් අනාවරණය කර ඇත.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?