කොහුවල මංසන්ධියට වාහන ඇතුළු කිරීම සීමාකෙරේ
කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (15) දිනයේ සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය දැනුම් දෙයි.
මාස 2ක කාලයක් අදාළ ඉදිකිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බැවින් එම කාලසීමාව තුළදී මාර්ග තදබදය අවම කරගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටි.
ඒ අනූව, අදාළ මාර්ගයේ ගමන් ගන්නා බර වාහන කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම ද තාවකාලිකව නවතා දමා තිබේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

