Latestක්‍රීඩාදේශීය

නබී එක වනිඳු තුන

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) විසින් නිකුත් කරන ලද නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ශ්‍රේණිගත කිරීම් හි ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහොමඩ් නබී සමත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පන්දුවාර-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංගට හිමිව ඇත්තේ මෙම ශ්‍රේණිගත කිරීම යිස්තුවේ තෙවන ස්ථානයයි. ශ්‍රේණිගත කිරීමේ වල දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මාර්කස් ස්ටොනිෂ් විසින් හිමිකර ගෙන තිබෙනවා.

මෑත කාලීනව පැවති ජාත්‍යන්තර  විස්සයි-20 තරඟ වලදී ක්‍රීඩකයින් විසින් දක්වන ලද දක්ෂතා අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම නවතම ශ්‍රේණිගත කිරීම් සිදු කර ඇත.

මීට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානකට නවතම T20 ශ්‍රේණිගත කිරීම්හි 15වන ස්ථානය හිමිව තිබේ. ධනංජය ද සිල්වා සහ ඇනජලෝ මැතිව්ස් පිළිවෙලින් 31 සහ 34 වන ස්ථාන හිමිකර ගැනීමට ද සමත්ව තිබේ. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *