Latestක්‍රීඩාදේශීය

පරාජයේ හේතුව වනිදු හසරංග – ජයන්ත ධර්මදාස

ලෝක කුසලාන විස්සයි විස්ස (T20) කුසලානය සඳහා තරඟ වදින ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලැබීමත් සමඟ අභ්‍යන්තර ගැටුම් හට ගෙන ඇති බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් නියෝජනය කරමින් උප සභාපති ජයන්ත ධර්මදාස ප්‍රකාශ කර තිබෙන්නේ තමන්ට පැවරී තිබෙන වගකීම ආයතනයේ පරිපාලනය මිස ක්‍රීඩකයන් තේරීම නොවන බවයි. ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ මෙම කණ්ඩායම තෝරා ගෙන තිබෙන්නේ නායක වනිදු හසරංගගේ අත්තනෝමතික වුවමනාවන් අනුව බව ය.

ඔහුගේ එම ප්‍රකාශයෙන් ක්‍රිකට් තේරීම් කමිටුව මුලුමනින් ම නිදහස් කරමින් සම්පූර්ණ වගකීම වනිදු හසරංග පිට පටවා තිබේ. මේ වනවිට තෝරා ගෙන ඇති කණ්ඩායම ටෙස්ට් කණ්ඩායමකට සිටිය යුතු අය මිස විස්සයි විස්ස කණ්ඩායමක සිටිය යුතු අය නොවන බව ද ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *