Latestක්‍රීඩාදේශීය

මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි ක්‍රීඩකයා මියයයි

මහනුවර ත්‍රිත්ව විදුහලේ රග්බි කණ්ඩායම නියෝජය කළ ෂබීර් අහ්මඩ් නමැති 19 හැවිරිදි ක්‍රීඩකයා මහනුවර ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (13) අලුයම මියගොස් ඇත.

පෙණහලුවලට විෂබීජයක් ඇතුළු වීමෙන් මේ මරණය සිදුව තිබේ. යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඇදවැටීමෙන් පාදයේ ඇති වූ තුවාලයක් දින කිහිපයකට පසු උත්සන්න වීම නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත්ව සිසුවා ප්‍රතිකාර ගෙන ඇත. එහි දිනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු නිවෙසට පැමිණ තිබෙන සිසුවාට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වීම හේතුවෙන් ඔහු යළිත් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට මවුපියන් පියවර ගෙන ඇති අතර, එහිදී පෙණහලු තුළට විෂ බීජයක් ඇතුළු වී තිබෙන බව හඳුනාගැනීමෙන් පසු ඒ සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇත.

ත්‍රිත්ව විදුහලේද සහාය ඇතිව සිසුවා විශේෂ ප්‍රතිකාර සඳහා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් කරාපිටිය රෝහලට රැගෙන යෑමටද සැලසුම් කර තිබියදී ඔහු ඊයේ (13) අලුයම මරණයට පත්ව තිබේ. ඉස්ලාම් ආගමික වතාවත්වලට අනුකූලව අවසන් කටයුතු ඊයේ (13) පස්වරුවේම කටුගස්තොටදී සිදු කෙරිණි.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?