සජිත් රනිල් සටන්පාඨ ගැටුම
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජනතාවගේ ඡන්ද ලබා ගැනීම සඳහා රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර සටන් පාඨ හොරකම් කිරීමේ තරඟයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.
විශේෂයෙන් ම, 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් එම සොරා ගැනීමේ තරඟයක් හට ගෙන තිබේ. එම ව්‍යවස්ථා සංශෝධනය සමගි ජන බලවේගයේ ආණ්ඩුවකින් සම්පූර්ණයෙන් ම බලාත්මක කරන බව සජිත් ප්‍රේමදාස පසුගිය සතියේ උතුරේ සංචාරයක යෙදෙමින් සිටින අතරතුර ප්‍රකාශ කර තිබිණි.
මෙයට ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහගේ පිලේ ප්‍රකාශකයන් අවධාරණය කර තිබෙන්නේ ජනාධිපති ධුරයට තෝරා පත් වූ සැනින් රනිල් වික්‍රමසිංහ විසින් එම පොරොන්දුව දෙමළ ජනතාවට ලබා දී ඇති බවයි. 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ නොහැකි නම් එම වගන්ති ව්‍යවස්ථාවේ තිබීමෙන් ඵලක් නොවන බව අවධාරණය කළ රනිල් වික්‍රමසිංහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ද පියවර ගණනාවක් ගෙන ඇති බව එම පිලේ ප්‍රකාශකයන් පෙන්වා දී තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

