Latestවිදේශීය

ඊශ්‍රායල් ප්‍රහාරයෙන් බැටකන ගාසා හී දරුවෝ

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ දරුවන්ට මේ දක්වා හිරිහැර සහ ප්‍රචණ්ඩ ක්‍රියා අතිවිශාල ප්‍රමාණයක් සිදුව ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එම සංවිධානය පවසන්නේ ළමා අයිතිවාසිකම් උල්ලංඝණයවීම් සහ දරුවන් හිරිහැරයට පත්වීමේ ක්‍රියා මේ වනවිට 5,000 ඉක්මවා ඇති බවයි.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ‍ගාසා තීරයේ දරුවන් දිගින් දිගටම පීඩාවට පත්වෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන බව අල්ජසීරා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

පසුගිය වසරේ පමණක්, ගාසා තීරයේ දරුවන් 5,698ක් වූ අතිශය ප්‍රචණ්ඩ හිංසනයන් සංඛ්‍යාවට ලක්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊශ්‍රායල හමුදාව, දරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන හමුදාවක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබේ. පසුගිය වසරේ යුද ගැටුම් හේතුවෙන්, ගෝලීය වශයෙන් සිදු වූ ළමා ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 30,750 ක් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවල සඳහන්වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *