Latestදේශීය

කුරුමානම ජනමත විචාරණයකට

ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආසන්න දිනවල සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වී ඇති බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් බත්රමුල්ලේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක පැවති සාකච්ඡා දෙකකදී නීති විශාරදයන්ගෙන් මතය විමසා ඇත්තේ ජේආර් ජයවර්ධන මහතා පැවැත්වූ ආකාරයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙනි.

එමෙන්ම ඊට අධිකරණයෙන් බාධා පවතින්නේ නම් ඊට ගත යුතු විකල්ප සම්බන්ධයෙන් ද සාකච්ඡා කර තිබේ.

ජනමත විචාරණයක් පැවැත්වීමට අවස්ථා දෙකක් ඇති බව නීති විශාරදයන් පෙන්වා දී ඇත.

රටේ යම් ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් යොමු කිරීමට ජනාධිපතිවරයාට හැකි අතර පාර්ලිමේන්තු පනතක් හරහා තුනෙන් දෙකකින් සම්මත වූ පනතක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළහොත් ජනමත විචාරණයකට යා හැකි බවත් පෙන්වා දී ඇත.

ලබන ජූලි මාසයේදී ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *