Latestදේශීයමතවාදසංස්කෘතික

‘මයි රෙඩ් කොම්‌රේඩ්’ දුර්වල සිනමා ප්‍රකාශය ගැන ලියන්න කම්මැලියි – විදර්ශන කන්නන්ගර

සුදත් මහදිවුල්වැව ගේ ‘මයි රෙඩ් කොම්‍රේඩ්’ චිත්‍රපටිය ගැන සම්මන්ත්‍රණයක් හා සංවාදයක් පසුගිය 6 වන බදාදා දින රුසියන් සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. එය සංවිධානය කර තිබුණේ ‘බටහිර ඉවුරේ දර්ශනය’ විසිනි. (එම සංවාදයට ජගත් වීරසිංහ පැමිණියේ නැත). මාධ්‍ය හා මහජන ප්‍රදර්ශනයට පෙරදීම ම’විසින් චිත්‍රපටිය නරඹා තිබුණු අතර එතැන් සිට එය පිළිබද මගේ හැගීම හා විචාරය පළ නොකර සිටීමට පරිස්සම් වීමි.

‘මයි රෙඩ් කොම්‍රේඩ්’ යනු සිනමා සංරචනය අතින් දුර්වල ප්‍රකාශනයකි. දෘෂ්ටිවාදී ආකෘතිය අතින් පවතින මතවාදී අගතීන්ගේම ප්‍රතිනිෂ්පාදනයකි. සරලමතික ප්‍රචාරකවාදී නිමැවුමකි.

මගේ ඉහත අදහස අදාළ සම්මන්ත්‍රණය දක්වා ප්‍රකාශ නොකර සිටියේ සුදත් මහදිවුල්වැව සිනමා අධ්‍යයන අවකාශයක් ගොඩනැගීමට කලක් තිස්සේ මහන්සි වූ මිතුරකු වන නිසා හා ඔහුගේ චිත්‍රපටිය ඔහු විසින්ම ප්‍රචාරය කරන ආකාරය බැලූ විට මගේ සැබෑ විචාරක අදහස පළකිරීම ඔහුගේ ‘රෙඩ් කොම්‍රේඩ් මෙහෙයුමට’ බාධාවක් විය හැකි යැයි සිතුණු නිසාවෙනි. (චිත්‍රපටිය සම්බන්දයෙන් ධනාත්මක ප්‍රතිචාර මිස විවේචනාත්මක ප්‍රතිචාර සිය ප්‍රචාරක මෙහෙයුමෙන් බැහැර කර තැබීම ඔහුගේ මූලික ප්‍රවේශය බව පෙනිණි)

එහෙත් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකට ආරාධනා කර මගේ අදහස විමසද්දී මට මගේ සැබෑ විචාරය මිස බොරු වංගුවක් ගැසිය නොහැකිය. (ආත්ම වංචාවන් කර නින්ද නොයන නිසාවෙනි.) එම නිසා චිත්‍රපටිය ගැන මගේ සෘජු විවේචනාත්මක විචාරය එදින විනාඩි 45 ක් පමණ සභාවට ඉදිරිපත් කර සිටියෙමි.

එදින දේශන සුදත් ගේ මූලිකත්වයෙන් රූප-වාර්තාගත කර අදට සතියක් ගත වී තිබුණද ඒ වීඩියෝ දර්ශන හෝ චායාරූප කිසිවක් මෙතෙක් මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය වල පළ කර නැත. සමහර විට සුදත්ලාට අදාළ දර්ශනයන්ගේ සංස්කරණ කටයුතු තවමත් කරගත නොහැකි වන්නට ඇත. සුදත් ඇතුළු අය විසින් එම දර්ශන ඉක්මනින් පළ කරනු ඇතැයි අපේක්ෂා කරමි.

එලෙසද අපහසු වී නම් වෙනත් මූලාශ්‍රයකින් මගේ අදහස් දැක්වීම පමණක් හෝ පළ කරන විදියක් ගැන සිතමි. අවාසනාවට එදින සම්මන්ත්‍රණයට අපේ රෙඩ් කොම්‍රේඩ් ‘මායාවන්’ නොහොත් ‘වීඩියෝ චූලවංශය’ පැමිණියේ නැත. මේ චිත්‍රපටිය ගැන මගේ විචාරය ‘ලියන්නට’ නම් සිතෙන්නේ නැත. කම්මැලිය!


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *