මහින්දානන්ද සම්බන්ධයෙන් ගුණතිකලගේ විශේෂ ප්‍රකාශය
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසුව ඉකුත් ජුනි 3 වෙනිදා තමාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරන බව පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසීය.
පොලිස් නිලධාරීන් තමාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තත් තවමත් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදුවී නැතැයි කී මන්ත්‍රීවරයා රටේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානයකදී සිදුවූ මේ පහර දීම ගැන කලකිරීමක් පවතින බවද පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කළහොත් අදාල සිදුවීම හොඳින් දැකබලා ගත හැකි බව සඳහන් කළ මන්ත්‍රීවරයා සිද්ධිය වන අවස්ථාවේ එහි සිටි මන්ත්‍රීවරුන් අදාල සිද්ධිය දුටු බවක් පොලිසියට කියා නැතැයිද කීය.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සහ ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා අතර සිදුවූ බහින්බස් වීමකින් අනතුරුව අදාළ පහරදීම සිදුවූ බව කියැවිණි. පහර දීමෙන් පසු ගුණතිලක රාජපක්ෂ මහතා යුද හමුදා රෝහලට ඇතුලත් කෙරුණු අතර පාදයේ අස්ථි බිඳීමක් හේතුවෙන් පැය හතරක සැත්කමකට ලක් කෙරිණි.
තමා පඩි පෙළකින් වැටී තමා ආබාධයට ලක්වී යැයි කරන ප්‍රකාශ පට්ට පල් බොරුවක් බව කී ගුණතිලක රාජපක්ෂ මහතා චිත්‍රපටයක දර්ශනයක් සේ තමාට අතින් පයින් පහර දුන් බවද සඳහන් කළේය.
@ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

