Latestදේශීය

තීරුබදු වාහන බලපත්‍ර නොලැබුණොත් දැඩි තීරණ ගැනීමට මන්ත්‍රීවරු පිරිසක් සැරසේ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරුන් අතර යම් බෙදීමක් හටගෙන ඇති බව වාර්තාවේ.

එනිසා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මේ වන තෙක් නොහැකි වී තිබේ.

එක් පාර්ශවයක් වාහන බලපත්‍ර ගතයුතු බව පවසද්දී අනෙක් පිරිස එය ලබා නොගත යුතු බව පවසති.

රට ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති අවස්ථාවේ මන්ත්‍රීවරුන් වාහන බලපත්‍ර ලබා ගතහොත් ජනතා අප්‍රසාදයට ලක්වී ඡන්ද පදනමට බරපතල තර්ජනයක් වනු ඇති බව එක් පාර්ශවයක් පෙන්වා දී තිබේ.

නමුත් අනිත් පාර්ශවය පෙන්වා දී ඇත්තේ වසර ගණනකින් වාහන බලපත්‍රයක් ලබාගෙන නැති හෙයින් මේ මොහොතේ හෝ එය ලබා ගැනීම සුදුසු බවයි.

ඒ අනුව තීරු බදු රහිත වාහන බලපත්‍ර ඉදිරි මැතිවරණයට පෙර ලබාදෙන ලෙසද ඔවුන් ඉල්ලා ඇති අතර වාහන බලපත්‍රය නොලැබුණහොත් ඉදිරි මැතිවරණවලට තරග නොකරන බව මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාටද දැනුම් දී ඇත.

සමගි ජන බලවේගයද මන්ත්‍රී පිරිසක් වාහන බලපත්‍ර අවශ්‍ය යැයි කියද්දී තවත් පිරිසක් එය මේ මොහොතේ ලබා ගත යුතු නැති බවද සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *