“රනිල් ගීතය” වජිරගෙන්
ජනාධිපතිවරණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු තරඟකාරීව ගෙන යන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් අතරින් වජිර අබේවර්ධන තවත් පියවරක් ලබා ඇතැයි හෙළිවේ.
ඒ රනිල් වික්‍රමසිංහගේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ගීත වීඩියෝවක් නිෂ්පාදනය කිරීමයි. මේ වෙනුවෙන් සම්පූර්ණ බර පැන දරා ඇත්තේ වජිර අබේවර්ධන විසිනි. එම ගීතය එළිදැක්වීම නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ශවත් අන්දමින් සිදු කිරීමට සැලසුම් කර තිබේ.
කොළඹ දිස්ත්‍රික්කය තුළ තම බලය තහවුරු කර ගැනීමට විශේෂයෙන් රවී කරුණානායක සමඟ වජිර අබේවර්ධන දැඩි තරඟයකට අවතීර්ණ වී සිටින අතර බලය තහවුරු කර ගැනීමේ තවත් පියවරක් ලෙස එලෙස ගීතයක් එළි දක්වන බව වාර්තා වේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

