සිරිල් රම්පෝසා යලි දකුණු අප්‍රිකාවේ ජනපති
දකුණු අප්‍රිකාවේ වසර 30ක ඉතිහාසයේ පළමුවරට නෙල්සන් මැන්ඩෙලාගේ අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයට පසුගියදා පැවති මැතිවරණයෙන් පාර්ලිමේන්තු බහුතරය අහිමි වූවද, මැතිවරණයෙන් පසු සති දෙකක් පුරා පැවති සාකච්ඡා වට කිහිපයකින් පසුව ජාතික කොන්ග්‍රසයේ හිටපු ජනපති සිරිල් රම්පෝසා යළි ජනපති ධුරයට පත් කරමින් හවුල් රජයක් පවත්වාගෙන යෑමට හිටපු විපක්ෂ නායක ජෝන් හෙන්රිගේ නායකත්වයෙන් යුතු ප්රජාතන්ත්රවාදී පෙරමුණ තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සුදු ජාතික විපක්ෂ නායකයා මෙවර මැතිවරණයේදී රම්පෝසාගේ බහුතර බලය බිඳ දැමීමට සමත් වූවද ඔහු යළි ජනපති කරමින් ජාතික කොන්ග්රසය හා එක්ව හවුල් රජයක් පවත්වාගෙන යෑමට එකඟතාව පළ කර තිබේ. ජනාධිපති රම්පෝසාට සහාය ලබා දෙන බවත්, මෙය දකුණු අප්‍රිකාවේ නව යුගයක් කරා යෑමට ඉවහල් වනු ඇති බවත් ජෝන් හෙන්රි ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

