චීන ශ්‍රී ලංකා 13 සාකච්ඡාව බෙයිජින් නුවරදී
2024 ජූනි 17 වැනි දින මහජන චීන සමූහාණ්ඩුව සමඟ බෙයිජිං නුවරදී පැවැත්වීමට නියමිත රාජ්‍යතාන්ත්‍රික උපදේශන සාකාච්ඡාවල 13 වැනි වටය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා දූත පිරිසෙහි නායකත්වය විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් දරනු ලබයි.
ඇය, මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සුන් වෙයිඩොං මහතා සමඟ එකී උපදේශනවල සම සභාපතිත්වය දරනු ඇත.
මෙම සාකච්ඡාවලදී දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ ආරක්‍ෂක යන ක්ෂේත්‍රද ඇතුළුව ද්විපාර්ශ්වික සම්බන්ධතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමට අපේක්ෂිතය.
මෙම උපදේශන සාකච්ඡා සඳහා සහභාගී වන ශ්‍රී ලංකා නියෝජිත පිරිසට බෙයිජිං නුවර සිටින ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා මෙන්ම, විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ චීනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද ඇතුළත් වෙති.
මෙයට පෙර පැවැති, ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 12 වැනි වටය 2023 මැයි 30 වැනි දින කොළඹදී පැවැත්විණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

