රනිල්ගේ කමිටුව පිළිගන්නේ නැහැ – සිරිල් ගාමිණි පියතුමා
පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව සම්බන්ධයෙන් කතෝලික සභාවේ ප්‍රතිචාරය ඊයේ (14) නිල වශයෙන් දන්වා තිබිණි.
මාධ්‍ය හමුවක් පවත්වමින් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමා අවධාරණය කර තිබුණේ නැවත කමිටුවක් පත් කිරීම විහිළුවක් බවත්, එය පිළිනොගන්නා බවත් ය. වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කර තිබුණේ මෙයට පෙර පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ කිසිවක් මෙතෙක් ක්‍රියාත්මක කර නැති බවයි.
එසේ තිබියදී ජනාධිපතිවරණය හෝ මහා මැතිවරණය ඉලක්ක කරමින් ජනතාව රැවටීම සඳහා මෙය පත් කරන ලද්දේ දැයි සැකයක් මතුවන බව ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

