Latestක්‍රීඩාදේශීය

වසර 17ක 20/20 ඉතිහාසයේ පළමු වරට ලංකාව මූළික වටයෙන්ම ඉවතට

වසර 17ක විස්සයි20 ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­වලි ඉති­හා­සයේ පළමු වරට මූලික වට­යෙන් ඉව­තට විසි­වී­මට ශ්‍රී ලංකා­වට සහ නව­සී­ල­න්ත­යට සිදු විය.

2007 වසරේ ආරම්භ විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලිය මෙවර පැවැ­ත්වෙන් 9 වැනි වර­ටය. මංගල ශූර­තා­ව­ලි­යේදී දෙවැනි වට­යට පිවිසි ශ්‍රී ලංකා පිල 2009 දී අනු­ශූ­ර­තාව දිනා­ගත් අතර, 2010 දී අව­සන් පූර්ව වට­යට එක්විය. 2012 වසරේ යළි අනු­ශූ­ර­යන් වූ ශ්‍රී ලංකාව 2014දී ශූර­යන් බවට පත්විය. අනු­තු­රුව පැවති තර­ගා­වලි ත්‍රිත්ව­යේදී දෙවැනි වට­යට පිවි­සී­මට සමත්වූ අතර, මෙවර තර­ගා­ව­ලි­යේදී මුල් වට­යෙන් ඉව­තට විසි­විය.

තර­ගා­ව­ලියේ මුල් තරග දෙකෙම පරා­ජය වී සිටි ශ්‍රී ලංකා පිල ඉතිරි තරග දෙක කෙරෙහි බලා­පො­රොත්තු රඳවා ගත්ත ද නේපා­ල­යට එරෙහි තර­ගය වැස්සට සේදී යෑමෙන් එය අවම වූ අතර, පෙරේදා පැවති තර­ගය ප්‍රති­ඵ­ල­යක් සහි­තව (බංග්ලා­දේ­ශ­යට ජය) නිමා වීමත් සමඟ ශ්‍රී ලංකා පිලට සුපිරි 8 වටය අහිමි වූ බව අයි­සී­සීය නිල වශ­යෙන් ප්‍රකා­ශ­යට පත් කළේය.

ශ්‍රී ලංකා කණ්ඩා­යම මූලික වටය යටතේ ලබන සඳුදා (17) නෙද­ර්ල­න්ත­යට එරෙ­හිව තරග බිමට පිවි­සෙන අතර, එය හුදෙක් ප්‍රද­ර්ශන තර­ග­යක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකා පිලට මේ තර­ගය ජය ගැනී­මෙන් එකම ජයක් හෝ නොමැ­තිව තර­ගා­ව­ලිය නිමා කිරීමේ අව­මා­න­යෙන් ගැල­වී­මට හැකි­වනු ඇත. කෙසේ වෙතත් තව­මත් සුපිරි 8 වටයේ බලා­පො­රොත්තු රඳ­වා­ගෙන සිටින නෙද­ර්ල­න්ත­යට මේ තර­ගය ජය ගැනීම අත්‍ය­වශ්‍ය වන අතර, එම නිසා ඔවුන් ද හොඳ සට­නක් දීමට පිටි­යට පිවි­සෙනු ඇත.

මංගල තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වට­යට පිවිසි නව­සී­ල­න්තය අන­තු­රුව පිට පිට තර­ගා­වලි 4කදී දෙවැනි වට­යට එක්වූ අතර, 2016දී අව­සන් පූර්ව වට­යට පිවිසි ඔවුන් 2021දී අනු­ශූ­ර­යන් බවට පත්විය. අව­සන් වරට පැවති තර­ගා­ව­ලි­යේදී යළි අව­සන් පූර්ව වට­යට පිවි­සී­මට නව­සී­ල­න්ත­යට හැකිව තිබිණි.

‘සී‘ කාණ්ඩ­යෙන් තරග වදින නව­සී­ල­න්තය මෙවර තර­ගා­ව­ලියේ සහ­භා­ගිවූ මුල් තරග දෙක කෙදෙ­ව්වන්ට සහ ඇෆ්ග­නි­ස්තා­නය හමුවේ පරා­ජය වූ අතර, ඔවුන්ට ඉති­රිව ඇති උග­න්ඩාව සහ පැපුවා නිව්ගි­නි­යා­වට එරෙහි තරග ජය ගත්තද සුපිරි 8ට යෑමට අව­ස්ථා­වක් හිමි නොවනු ඇත. ඒ ඉති­හා­සයේ පළමු වරට ඇෆ්ග­නි­ස්තා­නය සහ සත්කා­රක කොදෙව් පිල මේ වන විටත් ජය­ග්‍ර­හණ 3 බැගින් වාර්තා කර­මින් එම කාණ්ඩ­යෙන් සුපිරි 8 වටයේ ස්ථාන වෙන් කර ගැනී­මට සම­ත්වීම හේතු­වෙනි. එබැ­වින් නව­සී­ල­න්ත­යට ඉතිරි තරග දෙක ද ප්‍රද­ර්ශන තරග වී තිබේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?