Latestවිදේශීය

සිරිල් රම්පෝසා යලි දකුණු අප්‍රිකාවේ ජනපති

දකුණු අප්‍රි­කාවේ වසර 30ක ඉති­හා­සයේ පළමුවරට නෙල්සන් මැන්ඩෙ­ලාගේ අප්‍රි­කානු ජාතික කොන්ග්‍ර­ස­යට පසු­ගි­යදා පැවති මැති­ව­ර­ණ­යෙන් පාර්ලි­මේන්තු බහු­ත­රය අහිමි වූවද, මැති­ව­ර­ණ­යෙන් පසු සති දෙකක් පුරා පැවති සාකච්ඡා වට කිහි­ප­ය­කින් පසුව ජාතික කොන්ග්‍ර­සයේ හිටපු ජන­පති සිරිල් රම්පෝසා යළි ජන­ප­ති­ ධු­ර­යට පත් කර­මින් හවුල් රජ­යක් පව­ත්වා­ගෙන යෑමට හිටපු විපක්ෂ නායක ජෝන් හෙන්රිගේ නාය­ක­ත්ව­යෙන් යුතු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී පෙර­මුණ තීර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සුදු ජාතික විපක්ෂ නාය­කයා මෙවර මැති­ව­ර­ණ­යේදී රම්පෝ­සාගේ බහු­තර බලය බිඳ දැමී­මට සමත් වූවද ඔහු යළි ජන­පති කර­මින් ජාතික කොන්ග්‍ර­සය හා එක්ව හවුල් රජ­යක් පව­ත්වා­ගෙන යෑමට එක­ඟ­තාව පළ කර තිබේ. ජනා­ධි­පති රම්පෝ­සාට සහාය ලබා දෙන බවත්, මෙය දකුණු අප්‍රි­කාවේ නව යුග­යක් කරා යෑමට ඉව­හල් වනු ඇති බවත් ජෝන් හෙන්රි ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?