Latestදේශීය

සුඛෝපභෝගී වාහන 5ක් රේගුව භාරයට

(නිමන්ති රණ­සිංහ)

රුපි­යල් කෝටි 700කට අධික බදු මුද­ලක් රජ­යට අහිමි කර­මින් මෙර­ටට ආන­ය­නය කරනු ලැබූ සුඛෝ­ප­භෝගී මෝටර් රථ 112ක් අත­රින් අල්ලස් කොමි­සම භාර­යට ගත් රුපි­යල් කෝටි 68කට අධික වටි­නා­ක­ම­කින් යුත් සුඛෝ­ප­භෝගී වාහන 05ක් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රේගුව භාර­යට පත් කිරී­මට ඊයේ (14) නියෝග කළේය.

අදාළ සුඛෝ­ප­භෝගී වාහන 05 ඊයේ (14) අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කළ අව­ස්ථා­වේදී ඒවා පරී­ක්ෂා­වට ලක් කළ මහේ­ස්ත්‍රා­ත්ව­රයා මෙම නියෝ­ගය නිකුත් කළේය. එම වාහන සම්බ­න්ධ­යෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි සහ­කාර රේගු අධි­කාරි ඒ.එම්.ඩී. ඒ රංග මහතා වෙත නියෝ­ග­යක් ද නිකුත් කළේය.

එමෙන්ම මෙම වාහන වෙන්දේසි කර රජ­යට අය කර­ගත් මුදල් පිළි­බ­ඳව වාර්තා­වක් ද අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙසට රේගු අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රයා වෙත අධි­ක­ර­ණ­යෙන් නියෝග ද නිකුත් කෙරිණි. නීති විරෝධී ලෙස අසත්‍ය තොර­තුරු ඉදි­රි­පත් කර­මින් මෙර­ටට ගෙන්වූ මෙම සුඛෝ­ප­භෝගී වාහන පහ මඟින් රුපි­යල් මිලි­යන 400කට ආසන්න බදු මුද­ලක් රජ­යට අහිමි වී ඇතැ­යිද අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නේය. මින් ඉහ­තදී ද මෙවැනි ආකා­ර­යෙන් වාහන 05ක් රේගුව වෙත භාර දීම අල්ලස් කොමි­සම විසින් සිදු කරනු ලැබ තිබිණි.

රුපි­යල් කෝටි 700කට අධික බදු මුද­ලක් රජ­යට අහිමි කර­මින් මෙර­ටට ආන­ය­නය කරනු ලැබූ සුඛෝ­ප­භෝගී මෝටර් රථ 112ක් විකි­ණීම, පැව­රීම, අන්සතු කිරීම තාව­ක­ලි­කව තහ­නම් කර­මින් කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් නියෝ­ගක් නිකුත් වූයේ ඉකුත් 22 වැනි­දාය.

මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ පරි­ග­ණක දත්ත පද්ධ­ති­යට ව්‍යාජ තොර­තුරු ඇතු­ළත් කර­මින් ශ්‍රී ලංකා රේගු­වෙන් නිසි ලෙස නිෂ්කා­ශ­නය නොකර මෙර­ටට ගෙන්වන ලද මෙම සුඛෝ­ප­භෝගී වාහන 112 සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක් ආරම්භ කළ බැවින් එම වාහන වෙනත් අයකු වෙත පැව­රීම තහ­නම් කර­මින් තාව­කා­ලික නියෝ­ග­යක් නිකුත් කරන ලෙසට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාවේ රහ­සි­ගත හා බුද්ධි විම­ර්ශන ඒක­කය අධි­ක­ර­ණ­යෙන් කළ ඉල්ලී­මක් සැල­කි­ල්ලට ගත් අධි­ක­ර­ණය මෙම නියෝ­ගය නිකුත් කළේය.

ඒ අනුව 2923 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 111 වන වග­න්තිය මඟින් කියැ­වෙන දූෂ­ණය නමැති වරද මෙහි සිදුව ඇති බවට කරුණු අනා­ව­ර­ණය වන බව අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මෙම වාහන අතර ලෑන්ඩ්කෲ­සර්, මොන්ටෙරෝ, ටොයොටා කැබ් වැනි සුඛෝ­ප­භෝගී මෝටර් රථ ඇතු­ළත් වන අතර, ඇතැම් වාහන මෙරට වෙළෙ­ඳ­පොළ වටි­නා­කම රුපි­යල් කෝටි හතක් පමණ වන බවත් ඒවා 2015 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ වරින් වර විවිධ ආකා­ර­යෙන් කන්ටේ­නර් තුළ සඟවා සහ වෙනත් ද්‍රව්‍ය ගෙන්වන මුවා­වෙන් මෙර­ටට ආන­ය­නය කර ඇති බවත් අල්ලස් කොමි­සම වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි සහ­කාර අධ්‍යක්ෂ (නීති) අනූෂා සම්බ­න්ධ­පෙ­රුම මහ­ත්මිය අධි­ක­ර­ණ­යට දැනුම් දුන්නාය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?