Latestවිදේශීය

G-7 නායක සමුළුව පැවැත්වෙද්දී ඉතාලි පාර්ලිමේන්තුවේ ගැටුමක්

දකු­ණු­දිග ඉතා­ලියේ ජන­තාව අතර දරි­ද්‍ර­තාව ඉහළ යෑමේ අව­දා­න­මක් ඇතැයි ඉතාලි පාර්ලි­මේ­න්තුවේ පෙරේදා විප­ක්ෂය විසින් සිදු කළ ප්‍රකා­ශ­ය­කින් පසු ගුටි­බැට හුව­මා­රු­වක් සිදු­වී­මෙන් විප­ක්ෂයේ මන්ත්‍රී­ව­ර­යකු තුවාල ලබා රෝහ­ල්ගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ජී-7 රට­වල් හතේ නාය­ක­යන්ගේ වාර්ෂික සමු­ළුව මේ වන විට දකු­ණු­දිග ඉතා­ලියේ අපු­ලියා ප්‍රාන්තයේ පැවැ­ත්වෙ­මින් තිබි­යදී පාර්ලි­මේ­න්තුවේ ගුටි­බැට හුව­මා­රු­වක් සිදු­වීම නිසා ඉතාලි රජය දැඩි කන­ස්ස­ල්ලට පත් වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. ජි-7 රාජ්‍ය නාය­ක­යන්ගේ තුන්දින සමු­ළුව අද (15) අව­සන් විමට නිය­මිත අතර, අමෙ­රි­කානු ජනා­ධි­පති ජෝ බයිඩ්න් ඇතුළු යුරෝ­පීය සංග­මයේ සහ තවත් කාර්මික රට­වල් 6ක රාජ්‍ය නාය­ක­යන් එම සමු­ළු­වට එක්වී සිටින බව වාර්තා වේ.

පාර්ලි­මේ­න්තුවේ ප්‍රච­ණ්ඩ­ත්වය හෙළා දකි­මින් ඉතාලි විදේශ ඇමැති ප්‍රකාශ කර ඇත්තේ දේශ­පා­ලන ආර­වුල් ගැටු­ම­කින් තොරව විසඳා ගැනීම පක්ෂ විපක්ෂ දෙපා­ර්ශ්ව­යෙ­හිම වග­කීම බවය. විදෙස් රාජ්‍ය නාය­ක­යන්ගේ සමු­ළු­වක් පැව­ත්වෙ­මින් තිබි­යදී පාර්ලි­මේ­න්තුවේ මෙවැනි ගැටු­මක් සිදු­වීම කන­ගා­ටු­දා­යක කාර­ණා­වක් බවත් ඉතාලි විදේශ ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?