Latestදේශීය

යුක්‍රේන තරුණියක් ඔහිය බිංගෙයක හැපෙයි

(සමන් පාලිත නානායක්කාර)

කොළඹ සිට බදුල්ල බලා ඊයේ (15) සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.

ඕහිය පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර දහනම වැනි බිංගෙයේ හැපීමෙන් පසු මෙම තරුණිය බිම ඇද වැටී බරපතල තුවාල ලබා ඇතැයි ද ඇය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.

මෙරට සංචාරයක පැමිණ කොළඹ සිට පවුලේ ඥාතීන් සමඟ ඇල්ල බලා ගමන්ගත් විසිතුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක මෙසේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

මීට සති දෙකකට පමණ පෙරද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විදේශික පුද්ගලයකුට මේ ආසන්න බිංගෙයක් අසල මාරක අනතුරක් සිදුවූ බවද හපුතලේ පොලීසිය පැවසීය.

@ලංකාදීප


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *