26 වැනි ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ආරම්භ වෙයි
26 වැනි ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ. චීන මාධ්‍ය සමූහය හා ශැංහයි නාගරික රජය ඒකාබද්ධව සංවිධාන කරන එම උළෙල 13 වැනිදා සිට දින 10 ක් පුරා පැවැත්වේ.
ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ දී පිරිනැමෙන Golden Goblet සම්මානය සඳහා මෙවර රටවල් හා ප්‍රදේශ 105 ක සිනමා නිර්මාණ 3700 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත. අවසාන වටය සඳහා රටවල් 29 කින් චිත්‍රපට 50ක් තෝරාගෙන තිබේ. ඒ අතරින් චිත්‍රපට 38 ක් ජාත්‍යන්තර මට්ටමින් පළමු වරට තිරගත වීම ද විශේෂත්වයකි.
මෙම චිත්‍රපට උළෙලට සමගාමීව, ප්‍රංශ චිත්‍රපට සතියක්, “එක් තීරයක් එක් මාවතක්”රටවල චිත්‍රපට සතියක් මෙන්ම කෙටි චිත්‍රපට ප්‍රදර්ශනයක් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රැසක් සංවිධාන කෙරේ.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

