එක්වදෝරයේ නායායෑමකින් 30ක් අතුරුදන්
ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ ඊයේ (16) සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නායයෑම හේතුවෙන් මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය.
නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව හේතුවෙන් මෙම නායයෑම සිදුව ඇති අතර නායයෑමට ලක්වූයේ බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයයි.
බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මඩ, පස තට්ටු සහ ගල් ඉවත් කරමින්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙයි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

