Latestදේශීය

උද්දිකගේ කැනඩා ගමන සහ වෙඩිතැබීම පිළිබද පුළුල් පරීක්ෂණ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික පේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස කටයුතු කළ සංජීව මහනාම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ අනුව ඔහු භාවිතා කළ පිස්තෝලය රජයේ රස පරීක්ෂකයවරය හරහා වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ සමග අදාල රස පරීක්ෂණ වාර්තාව ලද විගස සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් අධිකරණය හමුවේ සදහන් කර ඇත.

පොලිසිය දැනට කරුණු අනාවරණය කරගෙන ඇත්තේ අදාළ සිදුවීම උද්දික ‌‌‌ප්‍රේමරත්න මහතා සහ එම සහකාර පොලිස් අධිකාරිවරයා එක්ව සිදුකරන ලද සැලසුම් සහගත ක්‍රියාවලියක් බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *